පොල් තෙල් නියැදි 109ක පිළිකා කාරක විෂ රසායන නොමැති බවට තහවුරු වෙයි

අප්‍රේ 10, 2021

    වෙළෙඳපොළේ අලෙවියට තිබියදී ලබාගත් පොල් තෙල් නියැදි 109ක පිළිකා කාරක විෂ රසායන නොමැති බවට තහවුරු වී තිබේ.

    ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ වෙළෙඳ පොළේ ඇති පොල්තෙල් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලද්දේ, පාරි‍භෝගික අධිකාරිය විසින්.

    දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල ලබා ගෙන පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ. අද ලැබුණු සාම්පල 109ක වාර්තා අනුව ඒවායේ ඇෆලටොක්සීන් නමැති විස රසායනික අඩංගු නොවන බව තහවුරු වී ඇති බව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී.

    Latest News