ජල මීටර් මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණයක්

අප්‍රේ 10, 2021

    ජල මීටර් මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබේ.

    ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු සහ කාර්මික ඒකකය මගින් මෙම නිෂ්පාදන කටයුතු සිදුකරන ලෙසයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

    දැනට නිවෙස්වල හා ආයතනවල සවිකර ඇති ජල මීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බොහෝවිට වසරක් තුළදී අක්‍රියවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

    Latest News