මුදල් ලේකම් - මට වාහනයක්වත් නෑ

පෙබ 02, 2019

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග විසින් රේගු වෘත්තීය සමිති ඊයේ (01) මාධ්‍ය හමුවක් කැදවමින් තමන්ට එල්ල කළ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි කියා සිටියි.

    කිසිදු අවස්ථාවකදී තමන් නිලධාරීන්ට බැන වැදී නොමැති බවත් සියළු පත් කිරීම් තමා සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව බව ඔහු සදහන් කර තිබේ.

    හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරියගේ ස්ථාන මාරුවීම දැනුම් දෙනු ලැබුවේද කැබිනට් මණ්ඩලයේ ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීමට අදාලව තමාට ලද උපදෙස් අනුව බව ඔහු වැඩි දුරටත් කියා සිටියි.

    වාහන අමතර කොටස් ආනයනය කර එකලැස් කිරීමේ ආයතනයක් ඇති බවට කළ චෝදනාවද ප‍්‍රතික්ෂේප කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. වාහන අමතර කොටස් ආනයනය කොට එකලැස් කිරීම සමබන්ධයෙන් මිට වසර කිහිපයකට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ ව්‍යාපෘතියක් බවත් එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු අවධානරය කර ඇත.

    දරු තිදෙනෙකුගේ පියෙක් වන බව පවසන ඔහු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මිසක් තමහට පෞද්ගලික වාහනයක් වත් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.

    (නෙත් නිව්ස්)

     

     

    Latest News