ශුද්ධ වූ සතිය සහ පාස්කු ඉරිදා රට තුළ ආරක්‍ෂාව තර කෙරේ

අප්‍රේ 03, 2021

    කිතුණු බැතිමතුන්ගේ ශුද්ධ වූ සතිය තුළ සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තර කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සියලු ආරක්‍ෂක විධිවිධාන යොදවන ලෙස, ත්‍රිවිධ හමුදාවට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී ඇත. මීට අදාළව එම අමාත්‍යාංශය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂ උපදෙස් නිකුත් කර ඇති අතර, මෙම කාලසීමාව තුළ දැඩි අවදානයෙන් සිටින ලෙස, අවධාරණය කර තිබේ.

    අන්තවාදය, ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ විමසිලිමත් වන ලෙසත්, එවැනි ක්‍රියා පිළිබඳ තොරතුරු වෙතොත් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත වහා දැනුම් දෙන ලෙසත්, දේවස්ථානය විසින් පත්කරන ලද සෝදිසි කමිටු හා බැතිමතුන්ගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.

    එසේම ශුද්ධ වූ පාස්කු ඉරිදා දිනයේ බැතිමතුන් සහ දේවස්ථාන සිදු කරන දේව මෙහෙය හා වෙනත් ක්‍රියාකාරකම්වලදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට ද, ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

    Latest News