පරිසරය රකින්න නිලධාරින් 350ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට

අප්‍රේ 02, 2021

    පරිසර සුරක්ෂිතතාවය උදෙසා සහ පාරිසරික වශයෙන් බලපාන ගැටළුලට විසඳුම් ලබා දීම පිණීස පරිසර අමාත්‍යංශය හා සම්බන්ධීකරණයට උපාධිධාරි සංවර්ධන නිලධාරින් 350ක් බඳවා ගැනීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    මෙම උපාධිධාරින් දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කෙරේ. මෙහි පළමු කණ්ඩායම වශයෙන් 175 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (01) පස්වරුවේ පරිසර අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ඊට සහභාගි වුහ.

    amarawe_01.jpg

    වර්තමානයේ විවිධ අයුරින් වාර්තා වන පරිසර හානි කිරීම් සම්බන්ධවත්, විශේෂයෙන් පාරිසරික ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවට පාරිසරික සාක්ෂරතාවය ලබා දීම, පරිසර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා, හුස්ම දෙන තුරු, මිහිමවට කන්දෙමු, වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ දී සහාය ලබා ගැනීම මෙම පත්වීම් ලබා දීමේ අරමුණ වේ. මෙම අවස්ථාවට සහභාගි වෙමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.

    Latest News