කාසල්රි ජලාශයේ අපද්‍රව්‍ය ඉවත් කිරිමට පියවර

අප්‍රේ 01, 2021

    ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ප්‍රධානතම ජලාශයක් වශයෙන් හැදින්වෙන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කර ජලාශයේ ඉවුරු දෙපස රැස් වි ඇති කැලි කසල ඉවත් කිරිමේ වැඩසටහනක් අද (01) දින ආරම්භ කර තිබේ.

    ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කර ඇත.

    බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක්වන නොර්වුඩ් ප්‍රදේශයෙන් සහ හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ කාසල්රි ජලාශයට එක්වන වනරාජා වත්ත පහල කොටස ප්‍රදේශයෙන් ජලාශයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස්වි තිබුණි.

    කාසල්රි ජලාශය අවට සංචාරක කලාපයක් බවත්, පවත්නා තත්ත්වය කාසල්රි ජලාශය විශාල පරිසර හානියක් සිදු වි එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයන්ටද දැඩි තර්ජනයක් එල්ල වි ඇති බවයි ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි නුවරඑලිය කාර්යාලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.

    ජලාශයෙන් ඉවත් කරනු ලබන ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය හැටන් දික්ඔය නගර සභාවේ සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සේවකයින් සහ වාහනවලින් මස්කෙලිය රිකාටන් කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය කරා රැගෙන යනු ලැබුහ.

    කාසල්රි ජලාශයේ තැන්පත් වි තිබු ප්ලාස්ටික් පොලිතින්, ඝන අපද්‍රව්‍ය ඇතුළු කැලි කසල ඉවත් කිරිමේ අවස්තාවට කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ සමාජිකයන්, නොර්වුඩ් සහ හැටන් පොලිස් ස්ථානවල නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සේවකයින්, ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්, කාසල්රි ජලාශය අවට සංචාරක හෝටල්වල නිලධාරින් සහ සේවකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

    Latest News