ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී 75 ඉක්මවු තද වැසි

මාර් 30, 2021

    සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News