මහමඟ දී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

මාර් 30, 2021

    පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (29) සවස වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

    රියදුරා පැදවූ ලොරි රථයේ ගැටුණු මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    ලොරි රථ රියදුරු සිදුකළ වරද සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා එලෙස පහර දී ඇති බවත්, පොලිස් නිලධාරියෙකු ලෙස එවැනි පහරදීමක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News