පාස්කු ඉරුදින ප්රහාරයට සම්බන්ධවූවන් සොයා තවදුරටත් කළ යුතු විමර්ශන කඩිනම් කරන ලෙස ද එම නිවේදනයෙන් ඉල්ලා සිටී. දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ නීතිමය ක්රියාවලිය කඩිනම්ව හා ශක්තිමත්ව ක්රියාවට නැංවිය යුතුය.
ප්රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්රහාරය වැළැක්වීමේ වගකීම මඟහැරියා වූ පාස්කු කොමිෂන් වාර්තාව විසින් නම් කොට ඇති නීතිමය ක්රියාමාර්ග ගතයුතු යැයි නිර්දේශ කොට ඇති පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්රියාත්මක කරන්නැයි එම නිවේදනයෙන් අවධාරණය කරයි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්රකාශක කමිටුවේ සාමාජික රදගුරුතුමන්ලා හා පියතුමන්ලාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.