මැයි වන විට නව ගෘහස්ත ජල සබඳතා ලක්ෂයක්...ඇමති වාසුදේව

මාර් 29, 2021

    මැයි මාසය වන විට නව ගෘහස්ත ජල සබඳතා ලක්ෂයක් ලබාදීමට හැකි වනු ඇති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

    ලෝක ජල දිනය නිමිත්තෙන් සීතාවකපුර නගර සභාව සහ රවීන්ද්‍ර ජයසිංහ පදනම එක්ව චිත්‍ර හා රචනා තරගාවලියක් සංවිධාන කර තිබිණ.

    ඒ හෝමාගම සහ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල් සිසුන් සඳහායි. තරගාවලියේ ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික පත් මෙහිදී ප්‍රදානය කෙරිණ.

    Latest News