'මිහිදු සෙවණ' නිවාස ව්‍යාපෘතිය ඇරඹේ

මාර් 29, 2021

    සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ මිහිඳු සෙවරණ නිවාස ව්‍යාපෘතිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොළොන්නරුවේ දී ආරම්භ කෙරිණ.

    සම්බුද්ධ ශාසනයට තම දරුවන් පූජා කළ ස්ථීර නිවාස නොමැති පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවුල් 64ක් සඳහා මෙම මිහිඳු සෙවණ නිවාස ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ නිවාස ලබා දීමට නියමිතයි.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් මැදිරිගිරිය,මණ්ඩලගිරිය ප්‍රදේශයේ පදිංචි මාපිය යුවලක් වෙත නිවසක් ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 6 බැගින් එම පවුල් 64 සඳහා මූල්‍යමය චෙක්පතක් පිරිනැමීම ද මෙහි දී සිදු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,රොෂාන් රණසිංහ,සිරිපාල ගම්ලත් යන මහත්වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News