සිංහරාජයේ වන විනාශයේ කිසිදු සත්‍යතාවක් නැහැ; පාර්. මන්ත්‍රීවරු

මාර් 26, 2021

    සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට පැතිරයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අවධාරණය කරයි.

    ඔවුන් පවසන්නේ, එය රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් ගොතන ලද්දක් බවයි. සිංහරාජය ආශ්‍රිත වන විනාශයක් සිදු කරමින් ඉදි කෙරෙන බව පැවසෙන ගොඩනැගිලි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ නිරීක්‍ෂණයට අද ලක්වූහ.

    ඒ, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවයි. ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් සහ ගම්වාසීන් ද මීට එක්වූහ. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ඉදිකිරීම් සිදු කරනු ලබන ඉඩමෙහි ලියකියවිලි හා එහි අයිතිය පිළිබඳව ද තහවුරු කර ගත්තේය.

    මෙය අවුරුදු ගණනාවකට පෙර කෝපි සහ තේ වගා කර ඇති ඉඩමක් වන අතර, අදාළ ස්ථානයේ කිසිදු ගස් කැපීමක් සිදු වී නොමැති ව නිරීක්‍ෂණයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැවසූහ. ඔවුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් හා පරිසරවේදීන් ඇතුළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ ස්ථානයට පැමිණ සත්‍ය-අසත්‍ය සියසින් දැක ගන්නා ලෙසයි.

    Latest News