දේවි බාලිකා විදුහල වෙනත් ස්ථානයකට ගෙන යන්නේ නැහැ; විදුහල්පතිනිය

මාර් 26, 2021

    කොළඹ දේවි බාලිකා විද්‍යාලය, වෙනත් ස්ථානයකට රැගෙන යන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව විදුහල්පති ප්‍රදීපා සමරසිංහ මහත්මිය පැවසුවාය.

    ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින්, ඇය මේ බව කියා සිටියාය. 1953 වසරේ ආරම්භ කෙරුණු කොළඹ දේවි බාලිකා විද්‍යාලය, මෙරට ප්‍රධානතම බාලිකා විද්‍යාලයක්. එහි පළමු විදුහල්පතිනිය වුයේ දේශබන්දු ආචාර්ය විමලා ද සිල්වා මහත්මියයි. දේවි බාලිකා විද්‍යාලය වෙනත් ස්ථානයකට රැගෙන යාමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව, වත්මන් විදුහල්පතිනිය ප්‍රකාශ කළාය.

    Latest News