UNDP සැකසූ ඇට්ලස් පොත පරිසර ඇමතිට

මාර් 24, 2021

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) මගින් වයඹ වෙරළබඩ තීරයේ කඩොලාන, ළවණ කළපු හා වගුරු බිම් සම්බන්ධයෙන් සකස් කර තිබෙන ඇට්ලස් පොත පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දීම පසුගියදා අමාත්‍යාංශයේ දී සිදු විය.

    මෙම අවස්ථාවට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත Mr. Robert Juhkam මහතා, මෙම ඇට්ලස් පොත සකස් කිරීම බාරව කටයුතු කළ එහි කර්තෘ ආචාර්ය වික්‍රමගමගේ, යන මහත්වරු හා ඔවුන්ගේ නියෝජිත පිරිසක් සහභාගි වුහ.

    මෙම ඇට්ලස් ග්‍රන්ථය මගින් වයඹ වෙරළබඩ තීරයේ පවතින කඩොලාන, කළපු, ළවණ වගුරු බිම් හා වැලි නිධි පිළිබඳ තොරතුරු රැසක් අන්තර්ගත වේ. මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නියෝජිත Mr.Robert Juhkam මහතා ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් මෙන්ම ස්වාභාවික සම්පත් පිළිබඳව මෙවැනි ග්‍රන්ථයක් සකස් කිරීමට දායකත්වය ලබා දීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම සතුටු වන බව ප්‍රකාශ කළේය. 

    එමෙන්ම මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම ඇට්ලස් පොත මගින් අපේ රටේ වයඹ දිග වෙරළ තීරයේ පවතින ස්වාභාවික සම්පත් වන කඩොලාන ,වැලි නිධි සම්බන්ධව මෙන්ම පක්ෂි පර්යටනය පිළීබඳ අතිශය වැදගත් තොරතුරු රැසක් පළ කර ඇති බව ප්‍රකාශ කළේය. එමනිසා පරිසංර සංවේදී කළාප හඳුනා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළීවෙළට මින් විශාල පිටුවහළක් ලැබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

    එසේම මෙම වයඹ වෙරළබඩ  කළාපය ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම, දිළිඳුකම පිටු දැකීම, සංචාරක කර්මාන්තය නංවාලීම මෙන්ම තිරසර සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම් සඳහා මෙවැනි ඇට්ලස් පොත් සම්පාදනය වීම අතිශය වැදගත් බව සඳහන් කළේය. ඒ සම්බන්ධව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනට තම කෘතඥතාවය පළ කළේය.

    එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත Mr. Robert Juhkam මහතා විසින් අමාත්‍යවරයා හා ලේකම්වරයා වෙත ඇට්ලස් පොත  පිරිනමනු ලැබීය.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  Mr. Robert Juhkam මහතාට පරිසර අමාත්‍යාංශය වෙනුවෙන්ම තම කෘතඥතාවය පළ කළේය.

    Latest News