ලෝක ක්‍ෂය රෝග දිනය අද

මාර් 24, 2021

    ලෝක ක්‍ෂය රෝග දිනය අදට යෙදී තිබේ.ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරට තුළ හදුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින බව ද ක්ෂයරෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය, වෛද්‍ය සුවනි දසනායක මහත්මිය සදහන් කරයි.

    සෞඛ්‍ය වාර්තාවලට අනුව දරුවන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    මෙම රෝගය සුදු මයා මාරිය,කාසය,කාස රෝගය ආදී නම්වලින් හදුන්වා ඇත.ශිලා යුගයේ පවා මෙම රෝගය පැවති බව හමු වු ඇටසැකිලිවලින් සාක්‍ෂි දරයි.එංගලන්තයේ රිචඩ් මෝටන්,ප්‍රංශ ජාතික ජින් ඇන්ටන් විලමින්,ලුයි පාස්ටර් යන විද්‍යාඥයින් ක්‍ෂය රෝගය සම්බන්ධව පර්යේෂණ කර ඇත.

    බොහෝ පර්යේෂණ ප්‍රතිඵල අනුව ක්‍ෂය රෝගයට විරුද්ධව ඇති එකම සාර්ථක එන්නත B.C.G.බව දැන් පිළිගැනේ.ඒ අනුව 1904 ඇමරිකාවේ ද 1898 දී එංගලන්තයේ ද ක්‍ෂය රෝගය සම්බන්ධ සංගම් ආරම්භ විය.1904 ජාතික ක්‍ෂය රෝග සංගමයේ සභාපති වු වෛද්‍ය ලිවින්ස්වන් ට්‍රැඩෝ 1905 දී පැවැත් වු මූලාසන දේශන‍යේ දී මෙසේ ප්‍රකාශ කළේය.

    කෙසේ ‍වෙතත් අදවනවිට ක්‍ෂය රෝගය සුවකළ හැකි මට්ටමකට පැමිණ ඇත.

    Latest News