පුරන් කුඹුරු අක්කර ලක්‍ෂයක් අස්වැද්දීම ලබන 25 ඇරඹේ

මාර් 23, 2021

    පුරන් කුඹුරු අක්කර ලක්‍ෂයක් අස්වැද්දීම ලබන 25 වැනි දින ආරම්භ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    එහි ජාතික උත්සවය දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරුඔයදී පැවැත්වීමට නියමිතයි. පළමු අදියර යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමට පියවර ගෙන තිබේ. මෙමගින් යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 35,000ක් අස්වැන්නට එකතු වනු ඇත.

    අමාත්‍යවරයා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළේය. අද වනවිට මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 32,000ක්.

    Latest News