එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී චීනයේ සහාය ස්ථිරයි

මාර් 06, 2021

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීනය සහතික වී තිබේ.

    ශ්‍රී ලංකාව තම රටේ සමීපතම මිතුරෙකු වන අතර ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී පමණක් නොව අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය ඕනෑම සහායක් දීමට තම රට සූදානම් බව චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය ඇමැති ලුඕ ෂාඕහුයි මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

    බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති මේ හමුවේදී කොරෝනා වසංගත තත්ත්වය කළමනාකරණයට සහාය දීමට සහ මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය දෙන බවටද චීන විදේශ සබඳතා නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

    Latest News