ගම්පහට පැය 6ක ජල කප්පාදුවක්

මාර් 23, 2021

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 09.00 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

    ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක - සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවල එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    ඊට අමතරව ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News