ජීවන වියදම පාලනයට මග, නිෂ්පාදන සහ ආදායම් නැංවීමයි;ජනපති

මාර් 19, 2021

    ජීවන වියදම පාලනයට මග, නිෂ්පාදන සහ ආදායම් නැංවීම බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    එතුමා පෙන්වා දෙන්නේ, මේ වනවිට එම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවක් අමතමින්.

    හමුව කැඳවා තිබුණේ, ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තා ක්‍රියාකාරිනියන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් මීට එක්වූහ.

    තමාගේත්, තම රජයේත් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය ඇගයීමට ලක්කරමින් අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපතිතුමා රජයේ ප්‍රගතිය මැන බැලීමේදී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායෙහි ප්‍රතිලාභ සළකා බලන ලෙස ඉල්ලීමක් කළේය.

    කෘෂිකර්මාන්තය නැංවීම, ජීවන වියදම පාලනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සාකච්ජාවේදී අදහස් පළ කළේය.

    Latest News