සුරේෂ් සලේ මහතාගෙන් CIDයට පැමිණිල්ලක්

මාර් 19, 2021

    නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ ප්‍රකාශය පිළිබඳව සුරේෂ් සලේ මහතා ඊයේ ලිඛිතව පැමිණිලි කර ඇති අතර, අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ද ලබා දී ඇති බවයි.

    Latest News