පරිසර හිතකාමී ලෙස මළ අපවාහනය නැවත ප්‍රයෝජනයට ගත හැකි උපකරණයක්

මාර් 04, 2021

    මළ අපවාහනය පරිසර හිතකාමී ලෙස නැවත ප්‍රයෝජනයට යොදා ගත හැකි නවතම උපකරණයක් ''ජොකාසු'' නමින් ජපන් රජයේ කුබෝටා සමාගම විසින් හදුන්වා දී ඇත.

    භූගත ජලය අපවිත්‍ර වීම වැලැක්වීම සහ පිරිසුදු පානීය ජලය මහජනතාවට ලබාදීම වෙනුවෙන් මෙම උපකරණය ශ්‍රී ලංකාවේ භාවිතයට යොදා ගැනීම ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය සමඟ එක්ව ක්‍රියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

    මෙය නගරාශ්‍රිත නිවාස ඒකක පුළුල් කොට ගෙන සහ කර්මාන්ත ශාලා, දැවැන්ත හමුදා කඳවුරු, නිවාස සංකීර්ණ ආශ්‍රිතව මුලින්ම ආරම්භ කිරීම මෙහි අරමුණය.

    මේ මගින් මළ අපද්‍රව්‍ය සහ මලාපවහන සම්බන්ධයෙන් මහජනතාවට ඇතිවන ගැටලු සහ පාරිසරික අවහිරතා නැති කර ගැනීම මෙහි ඇති විශේෂත්වයයි.

    ජපානයේ කුබෝටා FRP ජොකසු ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත දිනේෂ් කුමාර් මහතා මෙම යන්ත්‍රයක් ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රය සඳහා පරිත්‍යාග කළේ ය.

    Latest News