ප්ලාස්ටික් ආනයනය, භාවිතය කෝප් කමිටුවේදී සාකච්ඡාවට

මාර් 03, 2021

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර්තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර්තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන 08ක් කමිටුව හමුවට කැඳවා තිබේ.

    මාර්තු 23 වන දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇති අතර මාර්තු 24 වන දින නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    මාර්තු 26 වන දින විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ විද්‍ය පශ්චාත් උපාධි ආයතනය යි.

    අප්‍රේල් 06 වන දින භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය කෝප් කමිටුවට කැඳවා ඇති අතර අප්‍රේල් 07 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවීමට නියමිතය. අප්‍රෙල් 20 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය කරනු ඇත.

    මෙයට අමතරව අප්‍රේල් 21 සහ 23 යන දිනවලදී පිළිවෙලින් මහජන බැංකුව සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිතව තිබේ.

    Latest News