සාම සාධක හමුදාවට ලබා දෙන සහය ඇගයිමක්

ජන 30, 2019

    සාම සාධක මෙහෙයුම් සඳහා හමුදාවන් යෙදවීමේදී අන් රටවල් අභිබවමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දෙන සහය අගය කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    එම සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඇනා සිංගර්, මානව හිමිකම් කමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩුගම, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් කථානායක කරූ ජයසූරිය මහතා සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

    ලෝක සාමය හමුවේ කැප වෙන මෙරට හමුදා නිළධාරීන් රටට විශාල ගෞරවයක් ලබා දෙන බව කතානායකවරයා එහිදී සඳහන් කළේය. සාම සාධක ක්‍රියාන්විතය සඳහා හමුදා නිළධාරීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජයසුරීය මහතා සඳහන් කර තිබේ.

    ඒ අතර, මාලී රාජ්‍යයේදී දිවි පිදූ නිළධාරීන්ගේ පවුල් වලට වන්දි ලබාදීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව, ඇනා සිංගර් මහත්මිය එහිදී සඳහන් කළාය.

     

    Latest News