විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් වට්ටෝරුවක්

ජන 30, 2019

    විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ට එකම අගයකින් පිරිනමන ප්‍රවාහන හා බාධා දීමනාව සංශෝධනය කිරිමේ යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉදිරිපත් කර තිබේ.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම ඔවුන් විසින් මෙම යෝජනාව කර ඇත.

    විශේෂඥ වෛද්‍යවරුන් සදහා විශේෂ දීමනා, ප්‍රවාහන හා බාධා දීමනා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් හා සෞඛ්‍ය අමාත්‍යාංශ යහපත් එකඟතාවයකට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වාදි තිබේ. එ අනුව ජනපති පත් කළ වැටුප් සමාලෝචන කමිටුවට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

    විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් වැඩි කිරීමේ විශේෂ වරප්‍රසාද ක්‍රියාත්මක නොවන බව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය. අවුරුදු 60 කින් විශ්‍රාම යාමේදි පිරිනමන වරප්‍රසාද අවුරුදු 63 දී විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන්ටත් ඉල්ලා සිටි. ඒ පිළිබදව සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මියට උපදෙස් දී තිබේ.

    ජාතික දන්ත වෛද්‍ය ආයතනයේ තනතුරු වැඩි කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත. ඒ සදහා වහාම ක්‍රියාත්මක වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කිරිම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරිම, වාර්ෂික ස්ථාන මාරුවීම් කඩිනම් කිරීම ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

    Latest News