මියගිය ධීවරයාගේ දේහය ලංකාවට

පෙබ 24, 2021

    ඇමති දේවානන්දාගේ මැදිහත් විමෙන් මියගිය ධීවරයාගේ දේහය ලංකාවට මන්නාරම ප්‍රදේශයෙන් ධීවර රැකියාව සදහා පිටත්ව ගිය OFRP-A-0839NBO අංක දරණ ධීවර යාත්‍රාව පසුගියදා මාලදිවයින් මුහුදේදි අනතුරට පත්ව මාළදිවයින් වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් බේරා ගත්ත ද එහි සිටි සෙල්වරාසා ජේයරාම් නැමැති පුද්ගලයා මියගොස් තිබුණි.

    මෙසේ මිය ගිය සෙල්වරාසා ජෙයරාම් නැමැති පුද්ගලයාගේ මෘත දේහය ශ්‍රී ලංකාවට එවීම සදහා මාලදිවයින රජය රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් වැයවන බවට දන්වා තිබීමත් සමග මියගිය පුද්ගලයාගේ සහෝදරයක් වන සෙල්වරාසා සිවනේෂ් එම මුදල තමන්ට දැරීමට නොහැකි බවත් රජයේ වියදමින් මියගිය සොයුරාගේ දේහය ලංකාවට ගෙන්වා දෙනලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණ.

    එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මියගිය ධිවරයාගේ දේහය ලංකාවට රැගෙන ඒමට යන වියදම ධීවර දෙපාර්තමෙන්තුව මගින් ලබා දීමට කටයුතු කළ අතර ඒ අනූව මියගිය ධිවර කාර්මිකයාගේ දේහය ලංකාවට ගෙන්වා ඥාතීන්ට භාර දෙන ලෙස අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    Latest News