අද ඇතැම් ප්‍රදේශවලට 50mm පමණ තද වැසි

පෙබ 25, 2021

    සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තදවැසි ද ඇතිවිය හැකි බවය.

    සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවේ.

    Latest News