ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධ වන්නැයි, විදේශ ඇමතිගෙන් මිත්‍ර රටවලින් ඉල්ලීමක්...

පෙබ 24, 2021

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවට එරෙහි වන්නැයි,විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලුම මිත්‍ර රටවලින් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය.

    දිනේෂ් ගුණවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූයේ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9.10ට පමණ.

    ඉකුත් සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට රටවල් 47ක් එක්ව සිටියි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, මෙවර මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන්නේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ.

    එහිදී රටවල් 6කින් සමන්විත මූලික කණ්ඩායම ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    එමෙන්ම, මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ද අද සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතු කර ඇති කරුණු පිළිබඳව රජයේ ස්ථාවරත්වය පැහැදිලි කිරීම විදේශ අමාත්‍යවරයාගේ දේශනයේ මූලික අරමුණ විය.

    Latest News