වතු නිවාස පේලියක ගින්නක්, නිවාස 12 විනාශයි

ජන 29, 2019

    බගවන්තලාව රොබ්ගිල් වතුයායේ වතු නිවාස පේලියක ගින්නකින් නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බව පොලීසිය පවසයි.

    අද (29) පෙ.ව. 11.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එම කාලසීමාවේ එහි පදිංචි වතු කම්කරුවන් රැකියාවල නිරතව සිටි නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.

    ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශය ලියකියවිලි ද විනාශ වි තිබේ.

    පැතිර යමින් තිබු ගින්න, හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය වතු කම්කරුවන් සමක එක්ව පාලනය කිරිමට සමත් වි ඇති අතර ගින්නෙන් කිසිවෙතුටත් අනතුරක් සිදු වි නොමැත.

    ගින්නෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 42 දෙදෙනෙකු අවතැන් වී ඇති අතර ඔවුන් එම වතුයායේ හින්දු කෝවිලක තාවකාලිකව රැඳවීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත. බගවන්තලාව පොලිසිය ගින්න පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Latest News