කන්දකාඩුවේදි වැලි ජාවාරම්කරුවන් සහ නාවික හමුදාව අතර උණුසුම් තත්වයක්

ජන 29, 2019

    කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ජාවාරමේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදි නාවික හමුදාවට ‍එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානාත්මකව විරෝධය පළ කර තිබේ.

    මෙම වැලි ජාවාරම්කරුවන් වැටලිමේදි පුද්ගලයින් තිදෙනෙකු මහවැලි ගඟට පැන පලාගොස් ඇත . එම පලායමත් සමඟ ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්වි වැටලීමට පැමිණා නාවික හමුදා භටයින් රඳවා තාබා ගෙන ඇති බව පොලිසිය පවසයි.

    නාවික හමුදාව නිකුත් කළ නිවේදනය

    භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිතුමාගේ සහ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සහ දුෂණ මැඩපැවැත්විමට නාවික හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව පසුගිය දිනවල කන්දකාඩු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්වලදි වැලි ජාවරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන නීතියේ රැහනට හසු කර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

    එමෙන්ම, ඊයේ (ජනවාරි 28) දින කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් වැලි ‍ගොඩදැමිම සිදු කළ බෝට්ටු 06 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එමෙන්ම අද (ජනවාරි 29) අළුයම අනවසර වැලි ජාවාරමේ නිරත වූ ලොරි රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇති අතර, ඒ අනුව ඊයේ සහ අද දිනවල වැලි ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 07 දෙනෙකු නීතියේ රැහනට කොටු කර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

    අද දින උදෑසන කන්දකාඩු ප්‍රදේශයේ සිදු කළ තවත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදි නාවික හමුදාවට ‍එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව විසින් වැලි ජාවාරම් මැඩපැවත්විමේ මෙම මෙහෙයුම් සඳහා සංවිධානාත්මකව විරෝධය පළ කර ඇත. එමෙන්ම, වැලි ජාවාරමේ යෙදි සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි වැලි ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) ගඟට පැන පලා ගොස් ඇත. පලා ගිය තිදෙනා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

     තවද, ප්‍රකෝපකාරි ලෙස සංවිධානය වූ ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් එකතුව එහි සිටි නාවික හමුදා භට පිරිස් වලට පහර දිමට සිදු කළ උත්සහයේදී පිරිස විසුරුවා තත්වය පාලනය කර ගැනීමට නාවික හමුදාව විසින් අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇත. සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි ‍පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් නිලධාරින් තත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටි.

    Latest News