අධිකරණ සේවාවට ජර්මන් සහය

ජන 29, 2019

    ජර්මන් රජය විසින් මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනයට පිරිනම සහයෝගයට, ප්‍රශංසාව පළ කරන බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. 

    දෙරට අතර අධිකරණ කටයුතු නීති ක්ෂේත්‍රයන්හි සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව සාකච්ඡා විය. දෙරටේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා නීතිමය කරුණු හුවමාරු කිරීම පුහුණු වීම්වල වැදගත්කම පිළිබදව මෙහි දී අවධාරණය විය. 

    ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් නීතීමය කරුණු අධ්‍යනයට මෙන්ම පුහුණු කිරීම්වලට ජර්මානු රජය පිරිනමන සහයෝගය අගය කරන බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කලේය.

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 11:51

    Latest News