නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් 290 ක් නිවෙස් වෙත

පෙබ 20, 2021

    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වාසවිලාන් නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 290දෙනෙකු ඊ‌යේ (19) දි සිය නිවෙස් කරා පිටත්ව ගියහ.

    ඔවුන් සෞවුදි ආරාබි, අබුඩාබි, සුඩාන්, රොමේනියා, ඕස්ට්‍රේලියා සහ ජපානයේ යන රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයින් වන අතර නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව ඔවුන් පදිංචි මාතර, කළුතර, අම්පාර, රත්නපුර, මඩකලපුව, මොණරාගල, බදුල්ල සහ මහනුවර යන ප්‍රදේශයන් වෙත ගමන් කිරීමට යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදී.

    Latest News