ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 517යි; මරණ 3යි

පෙබ 20, 2021

    ඊයේ (19) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 506 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 152 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 186 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    අද (20) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 75,382 ක් වේ. ඉන් පුද්ගලයින් 71,172 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 72,323

    ඒ් අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 78,936 ක් වන අතර ඉන් පුද්ගලයින් 72,565 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (20) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,941 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 743 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (20) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් මාතලේ, නුගේගොඩ සහ කලගෙඩිහේන යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (20) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 433 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (20) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,004 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (19) දිනය තුල PCR පරික්‍ෂණ 15,554 ක් සිදුකර ඇත.

    Latest News