රු.97ක සහතික මිලට සිංහල හින්දු අලුත් අවුරුද්දට සහල්

පෙබ 19, 2021

    පොහොර සහනාධාරය කැපුවොත් ගොවි ජනතාවත් සමඟ පාරට බහින්න සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයකට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිතුරු දී තිබේ.

    සිංහල හින්දු අලුත්අවුරුද්ද වනවිට රුපියල් 97ක සහතික මිලට පාරිභෝගිකයට සහල් ලබාදෙන්න මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළකළේ.

    රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළකළා.

    මෙරට සම්පූර්ණ වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් ලක්ෂ 30 ක් වනවා.

    ඉන් රජය සහතික මිලට ගොවීන්ගෙන් ලබාගන්නා වී මෙට්‍රික්ටොන් ප්‍රමාණය ලක්ෂ 3 ක්.

    එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 10 ක් වන අතර, පෞද්ගලික අංශය මගින් සියයට 30 ක ප්‍රමාණයක් මිලදී ගැණෙනවා.

    ඒ අනුව, ගොවිජනතාවගේ පරිභෝජනයට සහ බිත්තර වී සඳහා සියයට 60 ක ප්‍රමාණයක් ඉතිරි වනවා.

    මෙවර වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙළට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 23,000 ක්.

    මෙතෙක් ඒ සඳහා වෙන්කර ඇති වැඩිම මුදල් ප්‍රමාණය එය වනවා.

    Latest News