මුතුරාජවෙල - කෙරවළපිටිය කසළ අංගනයේ ගින්න පාලන මෙහෙයුම තවදුරටත්

පෙබ 19, 2021

    මුතුරාජවෙල, කෙරවලපිටිය කසළ අංගනයේ ඊයේ (18 ) පස්වරුවේ ඇති වූ ගින්න තවදුරටත් පවතී.

    ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

    මුතුරාජවෙල, කෙරවළපිටිය කසළ අංගනයේ අක්කර 4 ක් පමණ වන ප්ලාස්ටික් හා පොලිතීන් සහිත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන තිබේ.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිටිති.

    කසළ අංගනයේ ගින්න පාලනය කිරීම සඳහා පැති කිහිපයකින්ම ජලය ඉසීම සිදු කෙරෙන බව වාර්තා වේ.

    මේ අතර, කෙරවලපිටිය කසළ අංගනයට එක්රැස්වන කසළ මගින් දැවි තෙල් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිමල ශාන්ත විජේරත්න මහතා පැවසුවේ, ඒ සඳහා ආයතනයක් එකඟතාව පලකර ඇති බවයි.

    Latest News