ජාතික රූපවාහිනියට වසර 39ක්

පෙබ 14, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවා වසර 39ක් සපිරෙනවා.

    1982 ජනවාරි 23 පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිට වූයේ 1982 වසරේ පෙබරවාරි 14 වනි දින වන අතර ජාතික නාලිකාවේ මුල්ම විකාශය ආරම්භ වූයේ පෙබරවාරි 15 වන දිනයි.

    මෙය ජපාන රජයේ පරිත්‍යාගයක්. මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින්, ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ, ජාතික රූපවාහිනියයි. ශ්‍රී ලංකාවේ නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැපවී සිටිනවා.

    ශ්‍රව්‍ය-දෘෂ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයමින්, ජාතික රූපවාහිනිය ඉටුකරන යුග මෙහෙවර, එදා මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වන්නක්.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 10:04

    Latest News