මධ්‍යම පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසි

පෙබ 14, 2021

    නැගෙනහිර සහ ඌව පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකිය.

    Latest News