ජාතික පාසලට එක්වූ ගුරුවරුන් ඇගයීමට ලක්වේ

ජන 27, 2019

    ජාතික රූපවාහිනිය දැයේ දරුවන්ගේ දැනුම පුලුල් කිරීම උදෙසා ක්‍රියාවට නංවන ජාතික පාසල වැඩසටහන් මාලාවට එක්වූ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයට හරසර පිරිනැමීම අද සිදු කෙරුණා.

    ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් ජාතික පාසල වැඩසටහන් මාලාව ක්‍රියාත්මකයි. සිංහල, ඉංග්‍රීසි, ගණිතය, ඉතිහාසය සහ විද්‍යාව යන විෂයයන් පිළිබඳව ප්‍රශස්ත දැනුමක් මෙමගින් දරුවන්ට පිරිනැමෙනවා. ලාබ අපේක්ෂාවෙන් තොරව දැයේ අනාගත පරපුර උදෙසා ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කරන අධ්‍යාපන සත්කාරයට සියලු දෙනාගේ ප්‍රශංසාව හිමිවී තිබෙනවා.

    ජාතික පාසලට දායක වූ ආචාර්ය මණ්ඩලයේ සේවය ඇගැයීමට ලක් කෙරුණු අතර ඔවුන්ට සහතික පත් ප්‍රදානය රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා අතින් සිදුවුණා. එම වැඩසටහන් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන අංශයේ ප්‍රවීණ නිෂ්පාදකයන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. අධ්‍යාපන අංශ ප්‍රධානී එරින් විජේකෝන් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 20:24

    Latest News