නැව් 17ක්; දැවැන්ත පුහුණුවක් (වීඩියෝ)

ජන 28, 2019
  • ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) පසුගියදා (26) ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේ දී ආරම්භ විය. 

    කොළඹට නුදුරු මුහුදේ ඊයේ දින (27) ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත, රත්නදීප යන නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් 09 ක් සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් මෙම අභාස්‍ය සඳහා සහභාගී විය.

    ඒ අනුව, නෞකා හැසිරවීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් මෙහි දී සිදු කෙරිණ.  අද දිනයේ දී ද තවත් මෙවැනි අභ්‍යසයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම මෙහි අවසන් අභ්‍යාසය හෙට (29) වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 09:51

    Latest News