මැණික් හා ස්වර්ණාභරණ ගාස්තුවට අදාළ ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

පෙබ 10, 2021

    මැණික් හා ස්වර්ණාභරණ ගාස්තුවට අදාළ ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මැණික් හා ස්වර්ණාභරණ පනතයට අනූව මැණික් පතල් කැණීම විකිණීම ඇතුළු ක්‍රියාවලියට අදාළ ගාස්තු සඳහා වූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අද පාර්ලිමේන්තුවේ පැවති කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

    1993 අංක 50 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත යටතේ ඉදිරිපත් කෙරුණු 2020 මාර්තු මස 2 වැනි දින පළ කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මෙසේ සලකා බැලීමට නියමිතයි.

    Latest News