මාර්තු වනවිට මෙරට සියයට 57 කට කොවිඩ් එන්නත ලබාදීමට පියවර

පෙබ 10, 2021

    මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් හරහා කොවිඩ් -19 වෛරසය සමාජයට ඇතුල්වීමත්, මෙරට සමාජය ඔස්සේ වෛරසය සංචාරකයන්ට ව්‍යාප්ත වීම වැලැක්විමටත් ඉතා සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    ඒ අනුව සැම විටම සෞඛ්‍ය රෙගුලාසි අනුව කටයුතු කළ යුතු බවත් මෙරට ජනතාවට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගැනීම ඒ සඳහා ගත හැකි තවත් ප්‍රායෝගික පියවරක් බවත් පැවසේ.

    ඒ අනුව, මාර්තු වනවිට සමස්ත ජනගහනයෙන් 57% ක් එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවයි, සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා කියා සිටියේ.

    Latest News