ඒන්නත ජනමාධ්‍යවේදීන්ටත් කඩිනමින්

පෙබ 09, 2021

    කොවිඩ් මර්දන ඒන්නත ජනමාධ්‍යවේදීන්ටත් කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා තිබේ.

    ඒ්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී. කොවිඩ් වසංගත තත්වය පිලිබඳව දෛනිකව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම, ඒහි ව්‍යාප්තිය වැළැක්වීමට ජනමාධ්‍යවේදීන් ඉටු කරන මෙහෙවර සලකා බලා ඒන්නත ඔවුන්ට කඩිනමින් ලබාදීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය.

    කොරෝනා වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට ඒහි තොරතුරු ජනතාවට ලබාදෙමින් ඉදිරි පෙළ කණ්ඩායමක් වශයෙන් ජනමාධ්‍යවේදීන් ජාතික කාර්ය භාරයක් ඉටු කරමින් සිටින බව, අමාත්‍යවරයා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, මෙරට මාධ්‍යවේදීන් 6,000ක් පමණ සිටින අතර, ඉන් 1150 ක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. ඉකුත් දින කිහිපය තුළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන මෙම ඒන්නත ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලීම් කළ බව, අමාත්‍යවරයා කියා සිටියේය.

    ඒ් අනුව මාධ්‍යවේදීන් සඳහා කඩිනමින් ඒන්නත ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    Latest News