පාස්කු ප්‍රහාරය - මහබැංකු වංචාවට සම්බන්ධ වූවන්ට සති 2ක් ඇතුළත නීතිය ක්‍රියාත්මක කරනවා..ඇමති අලුත්ගමගේ කියයි

පෙබ 06, 2021

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූවන්ට සහ මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ඉදිරි සති දෙක ඇතුලත නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන වැරදි කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිඳු අවස්ථාවක පසුබට නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින්.

    සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන හා තරුණ බලමණ්ඩල රැස්වීම් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මේ දිනවල දිවයින පුරා පැවැත්වෙයි.

    Latest News