ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

පෙබ 06, 2021

    ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයයේ වයස අවුරුදු 81ක්.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාසික රැඟුම ප්‍රසංගයෙන් මුල්වරට රංගනයෙන් එක් වූ ඇය මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් සිනමා රංගනයට ද අවතීර්ණ විය.

    විරාගය, යුගාන්තය, යහළු යෙහෙළි, මංගල තෑග්ග, මාරුතය හා භවදුක යන චිත්‍රපටවල ඇයගේ රංගනය කැපී පෙනේ. එරබඳු මල්, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ යන ටෙලි නාට්‍යවල ඇයගේ රංගනය මෙරට මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්විය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

    Latest News