ඊයේ කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 706 යි

පෙබ 05, 2021

    කොවිඩ් - 19 වයිරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු (04 වැනිදා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    ඒ අනුව වයිරසය ආසාදනයවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි 6 දෙනෙක් වෙති.

    මේ අතර කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 349 දෙනෙකු අද රාත්‍රීයේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 8.45 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

    මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් ඊයේ දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 706 කි.

    මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 67,115 ක් වාර්තාවී තිබේ.

    ඔවුන් අතුරින් මේ දක්වා 60,567 දෙනකු සුවය ලබා ඇත.

    මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6209 කි.

    Latest News