වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු සිදු කෙරේ

පෙබ 05, 2021

    මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (04) අභාවප්‍රාප්ත විය.

    මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.

    මාලඹේ සයිටම් පෞද්ගලික සරසවියේ නිර්මාතෘවරයා වන්නේ ද, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.

    ඒ මහතා හිටපු (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

    ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ ප්‍රනාන්දු මහතාය.

    කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් ඉකුත් 2 වැනි දින කොළඹ අයි.ඩී.එච් රෝහලට ඔහු ඇතුළත් කර තිබූ අතර, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම අභවප්‍රාප්ත වූයේය.

    ඒ් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.

    Latest News