උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (05) ඇරඹේ (සජීව විකාශය මෙතැනින්)

පෙබ 05, 2021
  • වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) ආරම්භ විය.

    ඒ, අනුරාධපුර, පළුගස්වැව , මහම්ගස්වැවදී ය.

    වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මේ වසරේදී හා ලබන වසරේදී කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරිමට රජය කටයුතු යොදා තිබේ.

    මේ වසර තුළ ග්‍රාමිය වැව් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතය.

    මෙවර වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වාරි මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල දායකත්වයෙන්ය.

    උතුරුමැද මහා ඇල සංවර්ධනය කිරීමේ උමග ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි.

    එය මෙරට දිගම උමග බවට පත්වන අතර එහි දිග කිලෝමීටර් 28 කි.

    ඇල සම්පුර්ණවීමෙන් පසු එහි දිග කිලෝමීටර් 94 ක් වනු ඇති.

    මෙමගින් මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව දක්වා ජලය ගෙන යනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.

    සිව් වසරක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ විශාල වැව් කිහිපයකට ජලය සැපයෙන අතර, අනුරාධපුරය, වව්නියාව, මාතලේ හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කිහිපයකට මින් සෙත සැලසෙයි.

    වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ වයඹ මහඇල සංවර්ධන කටයුතු ලබන16 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

    Last modified on සිකුරාදා, 05 පෙබරවාරි 2021 11:09

    Latest News