නිරෝධායන නීති කැඩූ 16 ක් අත්අඩංගුවට

පෙබ 05, 2021

    මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ දී පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තොම්බර් මස 20 වැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 2,997 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    බස්නාහිර පළාතේ පිහිටි එළවළු, මත්ස්‍ය වෙළෙඳපොළ සහ සතිපොළ මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව අඛණ්ඩව කොරෝනා පරීක්ෂණ සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    Latest News