උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

පෙබ 05, 2021

    උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පළුගස්වැව ප්‍රදේශයේදි අද (05) ආරම්භ කෙරේ.

    මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භ වන මේ ව්‍යාපෘතිය මඟින් උතුරු මැද, උතුර සහ නැඟෙනහිර පළාත් ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටු කරයි.

    උතුරු මැද පළාත් මහ ඇළෙහි සංවර්ධන කටයුතු සියල්ලම පරිසර හිතකාමී ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක වේ.

    ඒ කිලෝ මීටර් 28ක් දිග වාරි උමඟක් මඟිනි. මෙමඟින් ප්‍රධාන වශයෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දහතුනක (13) ජනතාවට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1,200 කින් යුත් එල්ලංගා පද්ධති 130කට ජලය සැපයීම තුළින් හෙක්ටයාර හතළිස් තුන්දහසක් (43,000) පෝෂණය කිරීමට නියමිතයි.

    Latest News