වකුගඩු අරමුදල අධීක්‍ෂණයට මණ්ඩලයක්

ඔක් 24, 2018

    ජාතික වකුගඩු අරමුදල අධීක්‍ෂණය සඳහා මණ්ඩලයක් පත් කිරීමට හා ප්‍රතිලාභ සැලසීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    මෙය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් සිදු කෙරෙනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනාව ඉදිරිපත් කළේය.

    පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමට හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අරමුදල් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය.

    අදාළ අරමුදල් ලබාගැනීම සඳහා වූ ණය සම්මුති සාකච්ජා පැවැත්වීම පිණිස සහ අදාළ ණය ගිවිසුමට එළැඹීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

    Latest News