2019ට වඩා 2020 දී විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වර්ධනයක්

පෙබ 02, 2021

    2019 වසරේ තෙවැනි කාර්තුව ට සාපේක්ෂව ඉකුත් වසරේදී තෙවැනි කාර්තුවේ දී මෙරට විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් අත්කරගෙන තිබෙනවා.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තුවකින් මේ බව හෙළිවී තිබෙනවා.

    විදුලි සංදේශ සේවා 2020 තෙවැනි කාර්තුවේ දී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව 2.1% වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. එම කාලසීමාව තුල විදුලි සංදේශ සේවා ලබාගෙන ඇති වර්ධනය 16.5%ක්. එහි සමස්ත ආදායම වාර්තා වන්නේ රුපියල් බිලියන 48ක් ලෙසයි. මෙම කාර්තුව තුළ මෙරට තාක්ෂණික සේවා 13.5% ක වර්ධනයක් අත් කර ගෙන ඇති අතර ඊට හේතු වී ඇත්තේ කොවිඩ්19 වසංගතය හමුවේ පාසල් දරුවන් නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරත වීම සහ රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සේවකයින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරි සඳහා සහභාගි වීමයි.

    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති 2020 වසරේ දෙවැනි කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුවට අනුව මෙරට මූල්‍ය සේවා 12.3% ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. 2

    තැපැල් සේවය විශේෂ වර්ධනයක් අත් කර ගෙන ඇති අතර එය සියයට හතක්. සෞඛ්‍ය සේවය 4.6% ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. දේපළ වෙළඳාම් සේවය අත්කරගෙන ඇති වර්ධනය 3.1% ක්.

    කොරෝනා පළමු රැල්ලෙන් පසු මෙරට ජන ජීවිතයේ සාමාන්‍යකරණයට පත්වීම හේතුවෙන් තොග හා සිල්ලර වෙළදාම ද සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.

    මුහුදු සහ ගුවන් ප්‍රවාහන කටයුතු 2020 වසරේ දී සෘණ වර්ධනයක් වාර්තා කළද ගොඩබිම් ප්‍රවාහනය ට අදාලව + වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එම කාලය තුළ සමස්ත ප්‍රවාහන සේවා වල වර්ධනය සියයට 0.9ක්.

    මීට අමතරව රාජ්‍ය පරිපාලනය වෘත්තිය සේවා සහ අධ්‍යාපන සේවා යන ආර්ථික කටයුතු ද මෙම කාර්තුවේ දී ධනාත්මක වර්ධනයක් වේගයක් වාර්තා කර තිබෙනවා. covid 19 වසංගත තත්වය හේතුවෙන් නවාතැන් සහ ආහාර පාන සැපයීම 2020 තෙවැනි කාර්තුවේ දී 42.1%ක පසුබෑමක් පෙන්නුම් කරනවා.

    Latest News